← Community

K
Kegalleads
📍 ALL 06 Oct 2026 📰 Local News

මහරගම අපේක්ෂා රෝහලට ඔබේ උදව් අවශ්‍ය වෙලාවයි

මහරගම අපේක්ෂා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් වෙනුවෙන් අවශ්‍ය ඖෂධ හා ශල්‍ය උපකරණවල හිඟයක් පවතින බැවින්, කොලස්ටමි බෑග් (Colostomy Bags) ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග ලෙස ලබාදීම ඉතා වැදගත් බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති, විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරයි.

මේ අතර, රෝහලේ රෝගී ප්‍රතිකාර කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය ඖෂධ සහ ශල්‍ය පරිභෝජන ද්‍රව්‍ය කිහිපයක් කඩිනමින් පරිත්‍යාග කරන ලෙස අපේක්ෂා රෝහල් බලධාරීන් ද ඉල්ලීමක් කර තිබේ.
එම ඉල්ලීමට අනුව පරිත්‍යාග ලෙස අපේක්ෂා කරන ඖෂධ වර්ග

මෙසේය:
Tigecycline 50mg එන්නත්
Methotrexate 500mg එන්නත්
Fluorouracil 1g එන්නත්
Methotrexate 2.5mg පෙති
Voriconazole 200mg පෙති
Chlorambucil 2mg කරල් (කැප්සියුල්)

මීට අමතරව, වැඩිහිටි රෝගීන් සඳහා භාවිත කරනු ලබන Colostomy Bags සහ Plates ද අත්‍යවශ්‍ය ශල්‍ය පරිභෝජන ද්‍රව්‍ය ලෙස පරිත්‍යාග කරන මෙන් දැනුම් දී ඇත.

පරිත්‍යාග ලබාදීමේදී අනුගමනය කළ යුතු කොන්දේසි පෙන්වා දෙන රෝහල් පාලනාධිකාරිය සඳහන් කරන්නේ, පරිත්‍යාග කරනු ලබන ඖෂධ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) අනුමැතිය ලත් ඒවා විය යුතු බවත්, එම ඖෂධ සඳහා වන මුල් ඉන්වොයිසි (Original Invoices) ද ඒ සමඟ ඉදිරිපත් කළ යුතු බවත්ය.

මෙම ඖෂධ සහ ශල්‍ය පරිභෝජන ද්‍රව්‍ය පරිත්‍යාග ලෙස භාරගැනීම සතියේ දිනවල පෙරවරු 8.00 සිට පස්වරු 4.00 දක්වාත්, සෙනසුරාදා දිනවල පෙරවරු 8.00 සිට දහවල් 12.00 දක්වාත් සිදු කෙරේ.
💬 0 Replies 🚩 Report

💬 Replies 0

No replies yet — be the first to help.

🔔
Stay Updated with Kegalle

Get new local offers, businesses, jobs and important updates directly on your phone.