← Community

K
Kegalleads
📍 ALL 05 Oct 2026 🤝 Help

මහරගම අපේක්ෂා රෝහලට ඔබේ පරිත්‍යාගය අවැසිම මොහොතයි මේ...

මහරගම අපේක්ෂා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් වෙනුවෙන් අවශ්‍ය ඖෂධ හා ශල්‍ය උපකරණවල හිඟයක් පවතින බැවින්, කොලස්ටමි බෑග් (Colostomy Bags) ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග ලෙස ලබාදීම ඉතා වැදගත් බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති, විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරයි.
මේ අතර, රෝහලේ රෝගී ප්‍රතිකාර කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය ඖෂධ සහ ශල්‍ය පරිභෝජන ද්‍රව්‍ය කිහිපයක් කඩිනමින් පරිත්‍යාග කරන ලෙස අපේක්ෂා රෝහල් බලධාරීන් ද ඉල්ලීමක් කර තිබේ.
🔸 එම ඉල්ලීමට අනුව පරිත්‍යාග ලෙස ඔවුන් ඉල්ලා සිටින ඖෂධ වර්ග මෙසේ ය.
▪️ Tigecycline 50mg එන්නත්
▪️ Methotrexate 500mg එන්නත්
▪️Fluorouracil 1g එන්නත්
▪️Methotrexate 2.5mg පෙති
▪️Voriconazole 200mg පෙති
▪️Chlorambucil 2mg කරල් (කැප්සියුල්)
මීට අමතරව, වැඩිහිටි රෝගීන් සඳහා භාවිත කරනු ලබන Colostomy Bags සහ Plates ද අත්‍යවශ්‍ය ශල්‍ය පරිභෝජන ද්‍රව්‍ය ලෙස පරිත්‍යාග කරන මෙන් දැනුම් දී ඇත.
පරිත්‍යාග ලබාදීමේදී අනුගමනය කළ යුතු කොන්දේසි පෙන්වා දෙන රෝහල් පාලනාධිකාරිය සඳහන් කරන්නේ, පරිත්‍යාග කරනු ලබන ඖෂධ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) අනුමැතිය ලත් ඒවා විය යුතු බවත්, එම ඖෂධ සඳහා වන මුල් ඉන්වොයිසි (Original Invoices) ද ඒ සමඟ ඉදිරිපත් කළ යුතු බවත් ඔවුන් පෙන්වා දෙයි.
මෙම ඖෂධ සහ ශල්‍ය පරිභෝජන ද්‍රව්‍ය පරිත්‍යාග ලෙස භාරගැනීම සතියේ දිනවල පෙරවරු 8.00 සිට පස්වරු 4.00 දක්වාත්, සෙනසුරාදා දිනවල පෙරවරු 8.00 සිට දහවල් 12.00 දක්වාත් සිදු කෙරෙන බව වැඩිදුරටත් දන්වා සිටී.
🟥 ඔවුන්ගේ ඉල්ලීම පහතින්...
Medicine items for Donation
Apeksha Hospital, Maharagama
▪️Inj. Tigecycline 50mg
▪️Inj. Methotrexate 500mg
▪️Inj. Fluorouracil 1g
▪️Tab. Methotrexate 2.5mg
▪️Tab. Voriconazole 200mg
▪️Cap. Chlorambucil 2mg
🔶 Surgical Consumable items:-
▪️ Adult Colostomy Bags & Plates
"We hope you will give us your valuable donation with the Original Invoices" (Accept NMRA Drugs only)
Opening at:
▪️Week days: 8.00 am – 4.00 pm
▪️Saturdays: 8.00 am – 12.00 pm
🔶 Contact Details:
▪️Mobile: 0777468503
▪️Landline: 0112850252/253, 0112897377
💬 0 Replies 🚩 Report

💬 Replies 0

No replies yet — be the first to help.

🔔
Stay Updated with Kegalle

Get new local offers, businesses, jobs and important updates directly on your phone.